කත්මණ්ඩු හි තාක්ෂණික කඳවුර, දකුණු ආසියාව සඳහා පිරිසිදු වාතය. (Clean Air for South Asia)
නේපාලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් කත්මණ්ඩු ලිවිං ලැබ්ස් ආයතනය සමඟ එක්ව ජූලි 30-31 දෙදින දකුණු ආසියාවේ වායු ගුණාත්මක තාක්ෂණික කඳවුරක් සංවිධානය කරන ලදී.
නේපාලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, කත්මණ්ඩු ලිවිං ලැබ්ස් ආයතනය සමඟ එක්ව ජූලි 30-31 දෙදින දකුණු ආසියාවේ වායු ගුණාත්මක තාක්ෂණ කඳවුරක් සංවිධානය කළ අතර ලෝක මට්ටමේ පුහුණුකරුවන් සහ නේපාලය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින සහ පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් හතකින් 60 දෙනෙකු මේ සඳහා සහභාගී විය.

ඡායාරූපය: එක්සත් ජනපද තානාපති කාර්යාලය කත්මණ්ඩු /Flickr
කඳවුරේ පරමාර්ථය වූයේ, ගැටලුවේ දේශපාලන, සමාජීය හා විද්‍යාත්මක පැතිකඩයන් ආමන්ත්‍රණය කිරීම සහ සිවිල් සමාජයට, මාධ්‍යවලට සහ වෙනත් බලපෑම් කරන්නන්ට රජයන් සමඟ සම්බන්ධ වීමට, මහජනයා සවිබල ගැන්වීමට සහ දකුණු ආසියාවේ වායු ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමයි.

“වායු දූෂණය ජාතික සීමාවන්ට ගරු නොකරයි” – නේපාලයේ එක්සත් ජනපද තානාපති එච්.ඊ. රැන්ඩි ඩබ්ලිව්. බෙරී, ඔහු පෙන්වා දුන්නේ වායු දූෂණය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය කලාපීය සහයෝගීතාව බවයි.
ඡායාරූපය: එක්සත් ජනපද තානාපති කාර්යාලය කත්මණ්ඩු /Flickr
රටවල් 10+ ක සහභාගීවූවන් සහ පුහුණුකරුවන්, වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ ඔබ කරන කාර්යයේදී ඔබ මුහුණ දෙන විශාලතම අභියෝගය කුමක්ද? යන්න යටතේ මාතෘකා තෝරා ගන්නා ලදී.
- විශ්වසනීය දත්ත / දත්ත වලට ප්‍රවේශය.
- රෙගුලාසි / පවත්නා රෙගුලාසි බලාත්මක කිරීම.
- නිසි අධීක්ෂණ පද්ධති හෝ දත්ත එකතු කිරීම.
- දැනුවත් කිරීම / නිවැරදි ප්‍රේක්ෂකයින් ඉලක්ක කිරීම.
- සම්බන්ධීකරණය: පාර්ශවකරුවන් අතර හෝ දේශසීමා හරහා.

Photo: Kathmandu Living Labs
අපගේ කාර්යයේදී අප හඳුනාගත් අභියෝගයක් සමඟ අපි එක් මාතෘකාවක් තෝරාගෙන පළමු වටයේ සිදුකල සාකච්ඡා පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කළෙමු. ශ්‍රී ලංකාවේ, අපට BAM සහ අඩු වියදම් සංවේදක මත පදනම් වූ අධීක්ෂණ පද්ධති තිබේ. නමුත් කලාපය ඒකාබද්ධ කරමින් නිසි අධීක්ෂණ ජාලයක් අපට තිබිය යුතුය.
“ස්පීඩ් ගීකිං” (“Speed Geeking”)
අපි කුඩා කණ්ඩායම් 14 කින්, එක් එක් පුහුණුකරු සමඟ විනාඩි පහක කාලයක් ගත කළෙමු. පුහුණුකරුවන් වායු දූෂණය විසඳීම සඳහා විශේෂිත තාක්ෂණයක් / උපාය මාර්ගයක් භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අදහස් බෙදා ගත්හ.
Georges Labreche – Open Data Kosovo describing Open Government & Data: Data research, Scraping and Collection Chloe Parkin – IQAir AirVisual explaining low-cost air monitoring networks Gaurav Thapa – Secondary Cities Asia Hub explaining the Open Street Mapping.
ඡායාරූප: පියුෂානි ඇල්ලේගලa
කර්තෘ: පියුෂානි ඇල්ලේගල මිය