අප්‍රේල් මාසයේ සිට ශ්‍රි ලංකාවේ අධික තාප ආතතියක්
පසුගිය මාස හය තුළ දිවයිනේ සමහර ප්‍රදේශවල උණුසුම් කාලගුණය සැලකිය යුතු මට්ටමකට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණය 2019 දී භයානක ලෙස ඉහළ යමින් පවතී. 2019 පළමු මාස 6 සඳහා ශ්‍රී ලංකාවේ උණුසුම් කාලගුණය ගැන සැලකිලිමත් විය යුතු ස්ථාන අපි හඳුනාගෙන ඇත්තෙමු. පහත තාප දර්ශකය (HI) ගණනය කර ඇත්තේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වය පදනමි කරගෙනයි. මෙය සාපේක්ෂ වායු ආර්ද්‍රතාවය, වාතයේ සත්‍ය උෂ්ණත්වය සමඟ යෙදෙන විට එය ශරීරයට කොතරම් උණුසුම්ක් දැනේද් යන්න පිළිබද මිිනුුමකි.

දිවයිනේ තාප දර්ශකයේ රටාව සලකා බැලීමේදී, මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති කාලගුණ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් නුවර-එලිය, දියතලාව සහ මහනුවර ප්‍රදේශවල, මුහුදු මට්ටම හා අතරමැදි කලාපවලට වඩා සුවපහසුව මට්ටම් හඳුනාගත හැකිය.
2019 පළමු මාස හය තුලදී මාසික තාප දර්ශකය සුවපහසු මට්ටමේ සිට අවදානම් මට්ටම දක්වා වෙනස් වී ඇත. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ, උතුරු, උතුරු මැද පළාත්වල සහ සමහර වෙරළබඩ ප්‍රදේශවල අනතුරු ඇඟවීමේ මට්ටම හඳුනාගත හැකිය. අප්‍රේල් සිට ජුනි දක්වා ඉහළ උෂ්ණත්ව අගයන් තාප දර්ශක අගයන් වැඩි කිරීමට හේතු වී ඇත. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, උතුරු පළාතේ සමහර ප්‍රදේශවල තාප දර්ශක අගයන් අන්තරාදායක මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ වෙරළබඩ ප්‍රදේශවල දැඩි ප්‍රවේශම් මට්ටම හඳුනාගත හැකිය.

වසර පුරා තාප දර්ශක අගය සිදුවීම් රටාව අවබෝධ කර ගැනීම සඳහා අපි තාප දර්ශක අගයන්හි මධ්‍යන්‍ය වාර්ෂික චක්‍රයක් ලබා ගෙන ඇත්තෙමු. මෙම වාර්ෂික චක්‍ර මගින් 1986 – 2016 කාල සීමාව තුළ මාසික තාප දර්ශක අගයන් දැක්වේ. 2019 පළමු මාස 6 පුරාම තාප දර්ශක අගයන්හි ඉහළ වෙනසක් දක්නට ලැබේ. තාප දර්ශක සටහනට අනුව, අප්‍රේල් සිට ජූලි දක්වා අන්තරාය සහ අතිශයින්ම ප්‍රවේශ මට්ටම් තුළ ඇත අතර වසරේ ඉතිරි මාස ප්‍රවේශම් මට්ටම් තුළය.