නියඟ අධීක්ෂණය
වැඩි විස්තර සඳහා අපගේ ශ්‍රී ලංකා Drought portal වෙත පිවිසෙන්න.
නියඟය යනු බොහෝ ශ්‍රී ලාංකිකයන්ට බලපාන ව්‍යසනයයි. නියඟය වර්ෂාපතන ඌනතාවයන් සහ අතිරික්ත වාෂ්පීකරණය (කාලගුණ විද්‍යාත්මක), ප්රවාහයේ අඩුපාඩු හා පාංශු තෙතමනය (ජල විද්‍යාත්මක), කෘෂිකර්මාන්තයට (කෘෂිකාර්මික) හෝ මිනිසුන්ට සහ පරිසර පද්ධතියට ඇති කරන බලපෑම් අනුව කාණ්ඩ විය හැකිය. නියං දර්ශක මගින් මනිනු ලබන වර්ෂාපතන ඌනතාවයන්වට සහන ගෙවීම් දැඩි ලෙස සම්බන්ධ වන බව අපට පෙනී යයි. (ලියොන් සහ වෙනත් අය, 2011).
පසුගිය මාස 3 ක (Apr- Jun 2019) කාලයට ශ්‍රී ලංකාව අවට කලාපය සඳහා ගණනය කරන ලද නියඟ දර්ශකය නොහොත් ප්‍රමිතිගත වර්ෂාපතන දර්ශකය (SPI) ඉහත සිතියම් ගත කර ඇත. උතුරු යාපනය, වවුනියා ා මන්නාරම් දිස්ත්‍රික්ක සහ මහනුවර, නුවරඑළිය සහ රත්නපුර හා මොණරගල දිස්ත්‍රික්ක අතර මායිම ප්‍රබල නියඟය පෙන්නුම් කරයි.
පසුගිය වසර 19 ක නියඟ දර්ශකයේ ඉතිහාසය තීරු ප්රශ්ථාර ලෙස පෙන්වා ඇි අතර දුඹුරු පැහැය තද වත්ම නියඟයේ තීව්ර බව වැඩි කරයි. වර්තමාන කාලය තුළ උතුරු හා නැගෙනහිර කලාපයේ සැලකිය යුතු නියඟයක් පවතී. කෙසේ වෙතත්, නියඟය 2004 හෝ 2014 තරම් දරුණු නොවේ.
පසුගිය මාස 3 ක කාලයට ශ්‍රී ලංකාව අවට කලාපය සඳහා ගණනය කරන ලද නියඟ දර්ශකය නොහොත් ප්‍රමිතිගත වර්ෂාපතන දර්ශකය (SPI)
පහත දැක්වෙන පැනල් 3 ඩෙකෑඩ් (මසකට 3 වතාවක්) අනුව විචලනයන් පෙන්වන අතර සිතියම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වන 2018/19 මහා කන්නයේ පළමු භාගය සඳහා විෂමතා (anomalies) පෙන්වයි.