මාතර සුළි කුණාටුව
මාතර – ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති නිවර්තන දේශගුණයක් අත්විඳිය හැකි ප්රදේශයකි. නමුත් 2017 නොවැම්බරයේදී මාතර දිස්ත්‍රික්කයේ විනාශකාරී සුළි කුණාටුවක් ඇති වූ අතර එය බොහෝ ස්ථානවලට විශාල බලපෑමක් ඇති කළේය. මෙම සුළි කුණාටු සහිත තද සුළං සමඟ වැසි කුණාටුව කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ විනාශ කර දැමීය. සුළි කුණාටුව ඕකි සුළි කුණාටුව ලෙස නම් කර ඇති අතර එය 2017 නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකාවට ළඟා විය. එදින රාත්‍රී 9 ට පමණ කාලගුණික තත්ත්වය නරක අතට හැරුණු අතර මේ නිසා බටහිර පළාතේ සහ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට හානි විය. විදුලි රැහැන් මතට ගස් කඩා වැටුනු හෙයින් විදුලි සැපයුමද අඩාල විය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ බොහෝ ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් සිදුවිය. ගාල්ල, බදුල්ල, ගම්පහ, කොළඹ සහ අම්බලංගොඩ ඒ අතරින් ප්‍රදාන වේ.
තද සුළං සහ තද වැසි ඇතුළු දරුණු කාලගුණයෙන් පසු පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 1 දෙනෙකු අතුරුදහන් වී 61 දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල (8), බදුල්ල (3), මාතර (1) සහ ගම්පහ (1) යන ප්‍රදේශවලන් අදාල මරණ වර්තා වේ. ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව දිවයින පුරා දිස්ත්‍රික්ක 16 ක 106,000 කට අධික පිරිසක් මෙම සුළි කුණාටු තත්වය නිසා පීඩාවට පත්ව වී ඇත. රජය මේ වන විට රුපියල් මිලියන 72 කට අධික වන්දි මුදලක් ලබා දී ඇති අතර හානියට පත් නිවාසවල නිවාස හිමියන්ට නැවත ගොඩනැඟීමට සහාය වන බවට පොරොන්දු වී තිබේ.
මුලාශ්‍ර – Heavy rain, Strong winds expected today link
Publisher – Daily News, November 30, 2017මුලාශ්‍ර – Four deaths reported from several districts link ප්‍රකාශක – Daily news, November 30, 2017 මුලාශ්‍ර – Storm causes mayhem, deluge link
ප්‍රකාශක – Sunday Observer, December 3, 2017මුලාශ්‍ර – Death toll due to bad weather rises to six link
ප්‍රකාශක – daily news, November 30, 2017