උපදේශක මණ්ඩලය

ආපදා සේවයේ කීර්තිමත් උපදේශක මණ්ඩලයක්  විසින්  අපගේ පර්යේෂණ, සංඛ්‍යාන, පරිගණක, භාෂාමය හා අර්ථ නිරූපණ කටයුතු සඳහා දැනුවත් සහාය සහ මග පෙන්වීම සපයයි. ඔවුන් දැනටමත්  මෙම   කාර්යයට නොමසුරුව දායක වන අතර අනාගතයේ දී ද එය ට යාවත්කාලින  දායකත්වය ලබා  දෙනු ඇත

Neil-Devadasan

Eng. Neil Devadasan – ඉංජිනේරු නීල් දේවාදාසන් – තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ,ඉන්දියානා විශ්ව විද්‍යාලය – පර්ඩියු විශ්ව විද්‍යාලය ඉන්ඩියානාපොලිස් ඇමරිකා එක්සත් ජනපදය ( IUPUI )

දේවාදාසන් ප්‍රජා තොරතුරු පද්ධති සහ සමාජ විද්‍යාවන් සඳහා පරිගණක යෙදුම් සැලසුම් කර සංවර්ධනය කරයි. ඔහු සමාජ වත්කම් හා අවදානම් දර්ශක ව්‍යාපෘතිය සඳහා පසු කාර්යාල දත්ත සැකසීම විධිමත් කර ඇත. දේවාදාසන් මධ්‍යම ඉන්දියානා SAVI (http://www.savi.org) හි පුරවැසියන් සඳහා වන අන්තර්ක්‍රියාකාරී ප්‍රජා තොරතුරු පද්ධතියක් ද සංවර්ධනය කළේය. ඔහු IUPUI හි උපාධිධාරී කාර්යය සහ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගනු ලැබිය. ඔහු ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ 2005-2006  සංඛ්‍යාංක  දෘෂ්ටි  පිලිබඳ අධිශිෂ්‍යත්ව රොයිටර්   වැඩසටහනේ ජාත්‍යන්තර සාමාජිකයින් පහළොස් දෙනාගෙන්  කෙනෙකු වේ.

jude

මහාචාර්ය ජූඩ් ප්‍රනාන්දු – පාරිසරික සමාජ විද්‍යාඥ

මහාචාර්ය ජූඩ් ප්‍රනාන්දු ජාත්‍යන්තර සංවර්ධනය හා සමාජ වෙනස පිළිබඳ මැසචුසෙට්ස් හි ක්ලාක් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකි. ඔහු පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහුගේ පර්යේෂණ තේමාවන්  වන්නේ තිරසාර සංවර්ධනය, පරිසරය, ජීවනෝපායන්, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ සවිබල ගැන්වීම, ළමා ශ්‍රමය, මානුෂීය ආධාර සහ පාලනය යන ක්ෂේත්‍රවල රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සංසන්දනාත්මක භූමිකාවන් ය. ඔහු සමාජ විද්‍යාව පිළිබඳ පුළුල් ලෙස ප්‍රකාශයට පත්  කොට ඇත. ඔහු අපගේ ජ්‍යෙෂ්ඨ  කාර්යය මාණ්ඩලික සාමාජිකයන් සමඟ දශක තුනක් තිස්සේ අන්තර් ක්‍රියාකාරිත්වයක යෙදී සිටියද, ඔහු මේ වන විට ආපදා සේවයේ යෝජනා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරයි.

ආචාර්ය අජිත් ගුණරත්න – මහාචාර්ය, ගණිත අධ්‍යයන අංශය ෆ්ලොරිඩා, කෘෂිකාර්මික හා යාන්ත්‍රික විශ්වවිද්‍යාලය

ආචාර්ය අජිත් ගුණරත්න ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික හා යාන්ත්‍රික විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ අයෝවා හි අයෝවා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ උපාධිය ලබා ඇති අතර ඔහුගේ මුලික උපාධි අධ්‍යාපනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. ඔහු මීට පෙර මූලික අධ්‍යයන ආයතනයට හා  පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු ලැබිය.

P.H.D.-Kusumawathie

ආචාර්ය පී.එච්.ඩී. කුසුමාවතී පී.එච්.ඩී. කුසුමාවතී – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ

අපගේ කාර්යයන් සඳහා දායක වන ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය  කුසුම්. ඇය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට අනුයුක්ත සේවය කරන අතර ඩෙංගු රෝගය පිළිබඳ කීට විද්‍යාත්මක නිරීක්ෂණ කටයුතු සිදු  කරයි. ඇය සත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබාගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සහ පරපෝෂිත විද්‍යාව සහ වසංගත විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී සහ ආචාර්ය උපාධි එකම විශ්ව විද්‍යාලයෙන්  හිමි   කොට ගෙන ඇත. ඇය තායිලන්තයේ චූලංගකොන් විශ්ව විද්‍යාලයෙන් සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. බෝවන රෝග අධීක්ෂණය හා පාලනය කිරීම සඳහා ඇය දශක තුනක් සේවය කර ඇති අතර ක්‍රියාකාරී පර්යේෂණ වැඩසටහන්  ද පවත්වා තිබේ.

Dr. M.T.M. Mahees

ආචාර්ය එම්.ටී.එම්. මහීස් – සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ් කථිකාචාර්ය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ශාස්ත්‍රපති  උපාධි පාඨමලා  සම්බන්දිකාරක.

ආචාර්ය එම්.ටී.එම්. මහීස් සමාජ විද්‍යාව පිළිබඳ මුලික උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. ඔහු පේරාදෙණිය  විශ්ව විද්‍යාලයෙන් ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. සමාජීය න්‍යායන්, පාරිසරික සමාජ විද්‍යාව, දේශපාලන පරිසර විද්‍යාව, ජල සම්පත්,  ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රජා බලමුලු ගැන්වීම, පර්යේෂණ ක්‍රමවේද, ස්වේච්ඡා සේවය සහ උපදේශනය යන ක්ෂේත්‍ර ඔහුගේ  පර්යේෂණ ක්ෂේත්‍රයන් වේ. විශ්ව විද්‍යාල ඉගැන්වීම පිළිබඳ අත්දැකීම් බහුල ඔහු දැනට සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්  කථිකාචාර්යවරයෙකු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ශාස්ත්‍රපති  උපාධි පාඨමලා  සම්බන්දිකාරක ලෙස ද  සේවය කරනු ලබයි.

Dr. Vidhura Ralapanawe

ආචාර්ය විදුර රලපනව – තොරතුරු තාක්ෂණ උපදේශක

විදුර රලපනාව දේශගුණ විද්‍යාව, සන්නිවේදනය, ආයතනික උපායමාර්ග සහ වෙනස්වීම් මත ඔහුගේ දැනුම පදනම් වේ. ඔහු විද්‍යාවේදී උපාධිධාරියකි. (ඉංජිනේරු) 1996 දී ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන්  විද්‍යාවේදී උපාධිය ලබා ගනු ලැබූ අතර. U.K.in 2000 හි බාත් විශ්ව විද්‍යාලයෙන් වගකීම් සහ ව්‍යාපාර පුහුණුව පිළිබඳ උපාධිය ලබා ගනු ලැබිය.  ආයතනික වෙනස් වීම් සහ ආයතනික සංවර්ධණය පිළිබද එක්සත් රාජධානියේ ඇෂ්රිජ් ව්‍යාපාරික පාසලෙන් ඔහුගේ ආචාර්ය උපාධිය ලබා ගනු ලැබිය.  ඔහු නිව්යෝර්ක්හි අයි.බී.එම් හි සේවය කර ඇති අතර පසුව ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ සමාජ හා පාරිසරික අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර උපාය මාර්ග පිළිබඳ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. තිරසාර සංවර්ධනය, තාක්‍ෂණය සහ දේශගුණික තොරතුරු භාවිතය පිළිබඳව ඔහු උනන්දු වෙයි. FECT සඳහා වන ස්වාභාවික ආපදා උණුසුම් ස්ථාන ව්‍යාපෘතිය පිළිබඳ ශ්‍රී ලංකා සිද්ධි අධ්‍යයනය ඔහු විසින් මෙහෙයවන ලදී. ඔහු දැනට එපික් සමූහයේ විධායක උප සභාපතිවරයා වේ.

Prof. P iyasena Wickramagamage

මහාචාර්ය පී. පියසේන වික්‍රමගමගේ – ජීඅයිඑස්, පාංශු හා ජල විද්‍යාව

මහාචාර්ය වික්‍රමගමගේ   පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස අප හා කටයුතු කරනු ලබයි. ඔහු පේරාදෙණිය  විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ගත් අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ඔහු භෞතික භූ විද්‍යාව පිළිබඳ ඔහුගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහුගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර අතරට භූගෝලීය තොරතුරු පද්ධතිය, පාංශු විද්‍යාව,  ජල විද්‍යාව, දේශගුණය සහ පාරිසරික බලපෑම් තක්සේරුකරණ ඇතුළත් වේ. ඔහු වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘතිය, සංවර්ධන පුහුණු  ව්යාපෘතිය (මැක්ආතර්), කෘෂිකාර්මික ආදර්ශ අන්තර් සංසන්දනය හා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (AgMIP),  ජාත්‍යන්තර සංවර්ධන දෙපාර්තමේන්තුව (DFID) සහ ජලය සහ උපද්‍රව පිළිබඳ පර්යේෂණ සඳහා වැඩි දියුණු කිරීම සඳහා හවුල්කාරිත්ව  ව්‍යාපෘතිය (PEER)  වැනි ව්‍යාපෘති යෝජනා පිළිබඳ හවුල්කරුවෙකු, සහයෝගිතාකරුවෙකු සහ ප්‍රධාන   විමර්ශකයෙකු ලෙස ජාතික විද්‍යා ඇකඩමි, (USAID)  යේ,  කටයුතු කර ඇත.

Dr lareef zubair

ආචාර්ය ලරීෆ් සුබෙයිර් – තාක්ෂණ හා විද්‍යාත්මක දේශගුණික  අනුවර්තන පිළිබඳ ප්‍රධාන විද්‍යා  විද්‍යාඥ

 ආපදා සේවයේ හි ප්‍රධාන විද්‍යාඥ / ඉංජිනේරු ආචාර්ය ලරීෆ් සුබෙයාර් පසුගිය දශක දෙකක කාලය තුළ නිවර්තන කලාපය සඳහා දේශගුණය, පරිසරය, අනුවර්තනය හා තාක්‍ෂණික දියුණුව යන අංශවල කටයුතු කරයි. ඔහු දේශගුණික පද්ධති, අනුවර්තන ප්‍රවේශයන් පිළිබඳ පර්යේෂණ සිදු කරන අතර නිවර්තන ස්ථානවල (ශ්‍රී ලංකාව, බොට්ස්වානා, මාලදිවයින සහ කොමරෝස්) ප්‍රායෝගික විසඳුම් ජනනය කිරීම සඳහා මේවා භාවිතා කරයි. තීරණ ගන්නන් සහ අනෙකුත් පර්යේෂකයින් සහ උගතුන්  සමඟ සහයෝගයෙන්  ඔවුන්ගේ  ව්‍යාපෘති සමග ඔහු කටයුතු සිදු කරනු ලබයි.
මීට පෙර ඔහු යේල් විශ්ව විද්‍යාලයේ ගණිතය හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිධාරියෙකු වූ අතර වායුගෝලීය විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල සම්මේලනයේ දේශගුණික අධීක්ෂණ හා යෙදුම් පිළිබඳ ද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලැබිය.. දේශගුණික හා සමාජ පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ (IRI) විද්‍යාඥයෙකු ලෙස සේවය කළ ඔහු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ජල මධ්‍යස්ථානයට අනුයුක්තව සිටී. ඔහුගේ මුලික උපාධි අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු කරනු ලැබිය. ඇමරිකා එක්සත් ජනපදයේ යේල් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලබයි.