අරුවක්කාලු හි යෝජිත ගොඩකිරීම සහ එහි බලපෑම
මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (MCUDP) නමින් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ අගනුවර කලාපයෙන් ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අර්ධ ස්වායු සනීපාරක්ෂක බිම් පිරවුම්ක් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් ගත් කල, අගනගර පුරා අවශ්‍යතා සපුරාලීම සඳහා මීට වසර 20 කට පෙර අතහැර දමා ඇති අරුවක්කාළු (වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ) හි හුණු ගල් වළවල් සනීපාරක්ෂක ගොඩබිමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත.මෙම සැලැස්ම අවම වශයෙන් අවුරුදු විස්සක් සඳහා යෝජනා කෙරෙන අතර මීතෝටමුල්ල භූමියේ අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සහ කොළඹ සිට අරුවක්කාලු හි යෝජිත ගොඩකිරීමේ ස්ථානයට කිලෝමීටර් 170 ක දුරක් ආවරණය වන දුම්රිය මාර්ගයක් යොදා ගැනීම සිිදු වෙි.
පුත්තලම් හි අරුවක්කාලු සනීපාරක්ෂක ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යාපෘතියට (AHSWDP) විරෝධය. http://www.dailymirror.lk (2018-09-09). අරුවක්කාලු ගොඩකිරීමේ ස්ථානයේ ඉදිකිරීම්. http://www.sundayobserver.lk (2018/10/21). යෝජිත අරුවක්කාලු හි සනීපාරක්ෂක ගොඩකිරීම. Sunday Observer(2018/10/21). යෝජිත සනීපාරක්ෂක ගොඩකිරීමේ සැලැස්ම. Sunday Observer(2018/10/21).
නුදුරු අනාගතයේ දී නාගරික ඝණ අපද්‍රව්‍ය ස්වරූපයෙන් ප්‍රදේශය දූෂණය වනු ඇත. සනීපාරක්ෂක ගොඩකිරීම් සඳහා තෝරාගත් ස්ථානයට පුත්තලම් කලපුවේ සිට මීටර් 300ටත් වඩා අඩුය (එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කලපුවයි). අක්කර 2700 කට වැඩි ලුණු බඳුන්වල ලුණු නිපදවීමට පුත්තලම් කලපුව භාවිතා කරයි. මෙම ප්‍රදේශෙයේ බහුතරයක් පවුල් සඳහා ප්‍රධාන රැකියාව වන්නේ ලුණු කර්මාන්තයයි. තවත් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉස්සන් ගොවිතැන මත රඳා පවතින අතර මේ හැරුණු විට ගොඩකිරීම් ප්‍රදේශය ආසන්නයේ ගොවීන් බොහෝ දෙනෙක් සිටින අතර ඔවුුුුන් ගෘහස්ථ හා කෘෂිකාර්මික ජල අවශ්‍යතා සඳහා නල ළිිං භාවිතා කරයි. ගොඩකිරීමෙන් වන දූෂණය ඉහත සඳහන් ස්වාභාවික සම්පත්වලට ළඟා වූ විට ඔවුන්ගේ ජීවනෝපායන්ට පුුුුබල ලෙස බලපානු ඇත.
කලා ඔයේ අතු ගංගාවක් වන ලූනු ඔය අරුවක්කළු හි ගොඩකිරීමේ ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍රදේශ කිහිපයෙන් එකකි. කලා ඔයා පුත්තලම් කලපුවට විශාලතම මිරිදිය පරිමාව සපයයි. පුත්තලම් කලපුව ධීවර කටයුතු සඳහා වැදගත් වන දෙවන විශාලතම කිවුල් ජල කඳ වන අතර විශාල මෝයන් ගෙන් වඩාත් ලදායී ඒකකි.
මෙම ව්‍යාපෘතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා ගංගේවාදිය අසල වෙඩිපිටියේ පිහිටි මයොසීන් පොසිල ස්ථානවල සහ ඊට යාබදව පිහිටි කලා ඔය – ලූනු ඔය මෝය තුළ ඇති කඩොලාන වනාන්තරවල පරිසරයට හා ජෛව විවිධත්වයට ඉතා බරපතල ලෙස අහිතකර බලපෑම් ඇති බව පැහැදිලිව පෙන්වා දී ඇත.
මුලාශ්‍ර :
- Despite EIA report and protests: Govt ploughs through Aruwakkalu landfill project, By Aanya Wipulasena, Sunday Observer, 21 October, 2018. http://www.sundayobserver.lk/2018/10/21/news-features/despite-eia-report-and-protests-govt-ploughs-through-aruwakkalu-landfill
- Environmentalists derail garbage train to Aruwakkalu, By Malaka Rodrigo, the Sunday Times, 04 October, 2015. http://www.sundaytimes.lk/151004/news/environmentalists-derail-garbage-train-to-aruwakkalu-166659.html
- Trucks begin turning up at Arawakkalu dump, by Hiran Jayasinghe for the Sunday Times, August 11, 2019. http://www.sundaytimes.lk/190811/news/trucks-begin-turning-up-at-arawakkalu-dump-362479.html
- Megapolis Ministry dumps WB loan for Puttalam garbage project, by Namini Wijedasa for the Sunday Times, May 20, 2018. http://www.sundaytimes.lk/180520/news/megapolis-ministry-dumps-wb-loan-for-puttalam-garbage-project-294748.html
- Sanitary project Aruwakkalu landfill another white elephant? By Kamanthi Wickramasinghe for the Daily Mirror, August 15, 2019. http://www.dailymirror.lk/news-features/Sanitary-project-Aruwakkalu-landfill-another-white-elephant/131-172841
- Environmental Impact Assessment (EIA) Report of the Proposed Project on Metro Colombo Solid Waste Management, Ministry of Urban Development, Water Supply and Drainage, Draft Final Report, August 2017.